...

නවතම ලිපි

කෛලාෂ් – මාධවී සහ කසුන්ගේ ආදර කතාවට එකතු කල වෙනස

මාධවී සහ කසුන්ගේ ජීවිතය අලුත් තැනකට ගෙනගිය පුංචි කුමාරයා තමයි කෛලාෂ්. කෛලාෂ් දැන් මාධවී සහ කසුන් දෙදෙනාගේම ආදරය දිනාගෙන, ඔවුන්ගේ ජීවිතේට අලුත් වෙනසක් එක්කරල තියෙනවා.

කසුන් මේ ගැන සිය මුහුණුපොතේ ආදරණීය සටහනක් ලියා තිබුණා:

 

ඉස්සර අපි දෙන්නා රට පුරා සංචාර ගියපු තරං. ඒත් දැන් මයෙ ළයාදර බිරින්දෑව කෛලාෂ් පුතණ්ඩියා තනිකරම අයිති කරං. පුත්‍රයා සුරඟන සිරි බල බලා නිදි වෙලාවක් අල්ලලා කොල්ලව මයෙ අම්මට බාරදීලා ඕං අපි දෙන්නා කාලෙකින් ෂොපිං ගියා. අවශ්‍යම දේවල් විතරක් පට පට ගාලා අරං ඩිසි ඩිසි ගාල ආයෙමත් ගෙදර ආවා. අනේ ඒ ටිකටත් සුදු මහත්තයා ඇහැරිලා. එයැයිගෙ අම්මව දැක්ක ගමන් තුරුල්ලට පැනලා මා දිහා බලාගෙන තොල පෙරලං දුක කියන්නා වගේ අඬන්න ගත්තා. නැළවුණේ හිස සිඹලා එයා එක්ක එකදිගට හුරතලේ පෑවට පස්සෙ. ජීවිතේ දැන් තනිකරම වෙනස් වෙලා. මේක අපි දෙන්නටම කුළුඳුල් පරිච්ඡේදයක්. ඒ සිහිලැල් හැඟීම දැනෙන්ට අම්මෙක් අප්පච්චියෙක් වෙන්ටමෝනෙ. මේ තියෙන්නෙ අද අර ගමනෙදි ගත්තු කලබල මතකයක්. ආදරේදි කලබලේ පවා නිස්කලංකයි නේද කියලා හිතෙන්නෙ පුතාගෙ හිනාකට දැක්කමයි !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Posted by Kasun Mahendra Heenatigala on Tuesday 11 March 2025

කසුන්ගේ මේ සටහන දැක්කාම හැමෝටම හිතෙන්නට තිබුණේ එකම දෙයක් – කෛලාෂ් මේ දෙදෙනාගේ ජීවිතේට අලුත් ආදරයක් එක්කළ බව!

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.