...

නවතම ලිපි

ඕරල් සෙක්ස් කරලා බබෙක් ලැබුනු කාන්තාව! කොහොමද එහෙම උනේ?

ලයිව් සයන්ස් කියන විද්‍යා නිවුස් වෙබ්සයිට් එක පරණ කාලේ වෙච්ච අමුතු අමුතු, පුදුම දේවල් හොයාගෙන ඇවිත් කියනවනේ. මේ සතියේ එයාලා හොයාගෙන තියෙන්නේ නම් හරිම බිහිසුණු කතාවක්. මේකේ පොඩි ළමයින්ට කරපු ලිංගික හිරිහැර සහ ගෑනුන්ට කරපු ප්‍රචණ්ඩ වැඩ ගැන තියෙනවා කියලත් එයාලා අනතුරු අඟවනවා.

මේ කතාව 1988 දකුණු අප්‍රිකාවේ වෙච්ච සිද්ධියක්. අවුරුදු 15ක ගැහැණු ළමයෙකුට බඩේ අමාරුවක් හැදිලා හොස්පිට්ල් ගිහින් බලද්දි ඩොක්ටර්ලා කියනවා එයා මාස නවයක ගැබිනියක් කියලා! ඒ මදිවට එයාට නෝමල් විදිහට බබෙක් හදන්නත් බැහැලු. ඒ ගැහැණු ළමයාට යෝනි මාර්ගය කියන හරිය සම්පූර්ණයෙන්ම වැහිලා. සිදුරක් වෙනුවට පොඩි සමේ ගැටිත්තක් විතරයිලු එතන තිබිලා තියෙන්නේ. මේකට කියන්නේ ඩිස්ටල් වජයිනල් ඇට්‍රේෂියා කියලා. මේ තත්ත්වය හරිම දුර්ලභයිලු. අලුත උපන් ගැහැණු ළදරුවන් 4000ත් 10000ත් අතරින් එක්කෙනෙකුට විතරයි මේක හැදෙන්නේ කියලත් කියනවා.

කොහොමහරි ඩොක්ටර්ලා එයාගේ කොන්දට එන්නත් කරලා සිසේරියන් සැත්කමක් කරලා නිරෝගී පිරිමි බබෙක් එළියට ගත්තා. බබා ලැබුණාට පස්සේ ඩොක්ටර්ලාට ලොකු ප්‍රශ්නයක් වුණා මේ කෙල්ල කොහොමද ගැබ් ගත්තේ කියලා. මොකද එයාට සාමාන්‍ය විදිහට ලිංගිකව එකතු වෙන්න බැහැනේ.

 

කොහොමද මේ ගැහැණු ළමයා ඕරල් සෙක්ස් කරලා ගැබ් ගත්තේ?

දැන් තමයි කතාවේ බිහිසුණුම හරිය. සිසේරියන් සැත්කමෙන් පස්සේ මේ ළමයා හෙදියකට කියනවා මීට මාස නවයකට කලින් දවසක එයා එයාගේ පෙම්වතාට ඕරල් සෙක්ස් දෙනකොට එයාගේ කලින් පෙම්වතා ඇවිත් පිහියෙන් ඇනලා ගියා කියලා. එයා බඩට දෙපාරක් ඇනලා තියෙනවා. එදා ඩොක්ටර්ලා බෙහෙත් දාලා එව්වලු.

ඩොක්ටර්ලා හිතන විදිහට පිහියෙන් ඇනුණු තුවාල නිසා එයා ගිලපු ශුක්‍රාණු ටිකක් ඇගේ ප්‍රජනක අවයව වලට ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් බඩේ තියෙන අම්ල ගතිය නිසා ශුක්‍රාණු මැරෙනවාලු. ඒත් ඩොක්ටර්ලා කියන විදිහට ඒ වෙලාවේ මේ කාන්තාව හරියට කාලා නැතුව හිටපු නිසා එයාගේ බඩේ අම්ල ගතිය අඩු වෙන්න ඇති. ඒ නිසා ශුක්‍රාණු මැරුණේ නැතුව ප්‍රචණ්ඩ විදිහට එයාගේ ප්‍රජනක පද්ධතියට ගිහින් ගැබ් ගැනීමක් වෙන්න ඇති කියලා තමයි එයාලා හිතන්නේ. හරිම අමුතු කතාවක් නේද?

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.