...

නවතම ලිපි

ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? එහි සෞඛ්‍ය අවදානම

නින්දෙන් ගෙරවීම කියන්නෙ නිදාගෙන සිටින විට ශබ්ද නඟමින් හුස්ම ගැනීමයි.

වැඩි වශයෙන් පිරිමින් සහ අධික බර ඇති පුද්ගලයන් අතර දැකගන්න ලැබුනත් මෙය ඕනෑම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් බොහොම පොදු තත්වයක්.

වයසින් වැඩිවෙත්ම නින්දෙන් ගෙරවීම වැඩිවෙන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ.

වරින් වර කාලෙන් කාලට නින්දෙන් ගෙරවීම ගැටළුවක් නොමෙයි .ඊට විවිධ හේතු බලපාන්න පුළුවන්.

නමුත්, දීර්ඝකාලීනව පවතින නින්දෙන් ගෙරවීම ඔබේ සුවදායී නින්දට වගේම සමහර විට ඊට වැඩියෙන් ඔබේ සහකරුගේ නින්දට දැඩි බාධා ඇතිකරන්න පුළුවන්

ඒ වගේම ප්‍රතිකාර ගතයුතු රෝගී තත්ත්වයන් ගැන ඔබට ඉඟි ලබාදීමක්ද එයින් සිදු කරනවා.

නින්දෙන් ගෙරවීම ඇතිවෙන්න හේතු සාධක මොනවද?

නින්දෙන් ගෙරවීම ඇතිවීමට හේතු වන්නේ, ඔබේ මුඛය සහ නාසය හරහා වාතය ගමන් කිරීම අවහිරවීම.

සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග, උණ වගේ අසනීප තත්වයන් නිසා ඇතිවෙන නාස් මාර්ගයේ අවහිරතා,
නාස් පුඬුව අනෙක් නාස් පුඬුවෙන් වෙන්කරන බිත්තියේ පිහිටීම, උපතින්ම පිහිටන වෙනස්වීම් ආදිය නාසය සහ මුඛය හරහා වාතය ගමන් කිරීමට බාධා ඇතිකරන කරුණු කිහිපයක්.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.