...

නවතම ලිපි

ආයතනයක වැඩ කරන ඔබත් ලිඛිත සටහන් තබාගන්නා එකේ වාසි ගැන දැනුවත්ද

ආයතනයක වැඩ කරනවා කියන්නේ පහසු වැඩක් නෙවෙයි. ආයතනයේ ඉන්න මිනිස්සු හැමෝම යාළුවෝ නෙවෙයි, ඒ නිසා තමන්ගේ වැඩේ කරගෙන යන්න ගියාම හොඳින් සැලැකිලිමත් වෙන්න ඕනේ. මේ ගැන තමන්ගේ පළපුරුද්ද අනුව Reddit එකේ කතා කරලා තියෙනවා ඉන්දියානු කම්පැනියක වැඩ කරන කෙනෙක්. ඔහුගේ පොස්ට් එකේ නම “අත්දැකීම් 4ක්—කම්පැනි ජීවිතය ගැන ඉගෙන ගත් පාඩම්” කියලා.

ඔහු කියනවා “අපි හිතන තරම් ආයතනයේ ඉන්න මිනිස්සු ාඅපේ යාළුවෝ නෙවෙයි, හැමෝම තමන්ගේ වැඩ විතරක් බලනවා” කියලා. ඒ වගේම, “වැඩ කරන විදිහෙන් මිනිස්සු ගැන අදහසක් ගන්නවා, ඔයාගේ හැසිරීම සහ පෙනුමත් වැදගත්” කියලා කියනවා.

තවත් වැදගත් දෙයක් තමයි හැමදේම ලිඛිතව තබා ගැනීම. මොකද, ආයතනයක ගොඩක් වෙලාවට මිනිස්සු තමන්ගේ වගකීම් අකුරෙන් අකුරට අමතක කරනවා, නැත්නම් වෙනස් කරලා කියනවා. ඒ නිසා ලියලා තබාගත්තොත් මතභේද නෑ, කාටවත් බොරු කියලා පලා යන්න බැහැ.

ලිඛිත සටහන් තබාගන්නා එකේ වාසි
✅ වැඩේ පැහැදිලිව කරගන්න පුළුවන්
හරි හැටි ලියලා තබලා තියෙනව නම් වැඩේ ගැන කාටවත් හරිහැටි තේරෙන්න පුළුවන්. වැරදි අවබෝධ වෙන්න අවකාශය අඩුයි.

✅ වගකීම් තහවුරු කරගන්න පුළුවන්
වැඩේ පැවරුනේ කාටද කියලා හරියට ලියලා තියෙනව නම්, මිනිස්සු වගකියලා වැඩ කරන්න ආසයි.

✅ අනවශ්‍ය ගැටළු අඩුයි
දේවල් ලියලා තියෙනව නම්, කවුරුත් බොරු කියලා පලා යන්න බැහැ. ඔයාට විදින්න වෙන අමාරුකම් අඩු කරගන්න පුළුවන්.

කම්පැනි ලෝකේ හොඳින් ඉන්න නම්, සැලකිලිමත් වෙන්න, හැමදේම ලියලා තබාගන්න, සහ වැඩේ හොඳින් කරන්න මතක තියාගන්න.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.