...

අපේ කොල්ලෝ සුපිරි 4ට! ඇෆ්ගන් සිහිනය බොඳ වෙයි!

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද තීරණාත්මක ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ Super 4s වටයට පිවිසෙයි.
Sri Lanka Vs Afganistan - Asia Cup 2025 Group Match

අපේ කොල්ලෝ සුපිරි 4ට! ඇෆ්ගන් සිහිනය බොඳ වෙයි!

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද තීරණාත්මක ජයග්‍රහණය සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ Super 4s වටයට පිවිසෙයි.
ඔන්න ඉතින් අන්තිමටම Group B එකේ අවසන් තරඟයේදී ඇෆ්ගනිස්තානයව පරද්දලා කඩුලු 6ක සුපිරි ජයග්‍රහණයක් අරගෙන ශ්‍රී ලංකාව Super 4s වටයට ආවා. ඒ විතරක් නෙවෙයි, මේ ජයග්‍රහණය නිසා බංග්ලාදේශයටත් ඊළඟ වටයට යන්න අවස්ථාව ලැබුණා.

දැන්වීම්

advertisment

Nonshout
සති අග විස්තරය newsletter එකට
join වෙන්න

සතියේ උණුසුම් stories ඔයාගේ ඊමේල් එකටම ගෙන්න ගන්න.

    We won't send you spam. Unsubscribe at any time.

    සතිපතා Nonshout Newsletter එක ලබා ගන්න

    සුවිශේෂී ජනප්‍රිය පුද්ගලයින්ගේ සම්මුඛ සාකච්ඡා, හොඳම විලාසිතා, රූපලාවන්‍ය ප්‍රවණතා සහ ජීවිතය වෙනස් කරන සබඳතා උපදෙස් සමඟින්, අපගේ අන්තර්ගතයන් සතිපතා ඔබගේ email එකට ලබා ගන්න.

    By subscribing to this BDG newsletter, you agree to our Terms of Service and Privacy Policy

    ඒත් ඇෆ්ගනිස්තානයට නම් ගෙදර යන්න වුණා. මොහම්මද් නබී පන්දු 22කින් ලබාගත්ත ලකුණු 60ක සුපිරි ඉනිමෙන් එයාලට තරඟය දිනන්න නම් බැරි වුණා.

    තරඟය දිනුවේ කොහොමද?

    PowerPlay එකේදී! ඇෆ්ගනිස්තානයට පළමු ඕවර හයේදී වැදගත් කඩුලු තුනක් නැති වුණා. හැබැයි ශ්‍රී ලංකාවට කඩුලු දෙකක් නැති වුණත්, ලකුණු හඹායෑමට හොඳ පදනමක් දාගන්න පුළුවන් වුණා.

    විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් ඉනිම පුරාවටම ස්ථාවරව හිටපු එක ලොකු ශක්තියක් වුණා.

    ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව
    ලකුණු 45/3 53/2
    පන්දු වේගය 7.50 8.83
    4s/6s 4/1 7/0

    ඇෆ්ගනිස්තාන ඉනිම

    PowerPlay: කඩුලු ඉක්මනටම ගියා

    මුලින්ම බැට් කරපු ඇෆ්ගනිස්තානය හොඳ ආරම්භයක් ගත්තා. ගුර්බාස් පළමු ඕවරයේම ලකුණු ගැහුවා. සෙඩික් දෙවනි ඕවරයේදී හයේ සහ හතරේ පහරවල් එක්ක ලකුණු 18ක් ගැහුවා.

    හැබැයි තුෂාර තුන්වෙනි ඕවරයේදී ගුර්බාස්ව සහ කරීම් ජනත්ව අවුට් කරලා ලොකු ගැටලුවක් ඇති කළා. පස්වෙනි ඕවරයේදී සෙඩික්වත් අවුට් කරලා එයාලව තවත් අමාරුවේ දැම්මා.

    මැද ඕවර: ලකුණු සෙමින් ගලා ගියා

    අපේ කොල්ලෝ හොඳට පන්දු යවලා, ඒ වගේම ෆීල්ඩ් එකේදිත් හොඳට ක්‍රීඩා කළා. ඉබ්‍රාහිම් සද්‍රාන් සහ ඩාවිෂ් රසූලි සෙමෙන් ලකුණු 24ක් එකතු කළා.

    ඒත් පෙරේරා විශිෂ්ට උඩපන්දුවක් අරගෙන රසූලිව අවුට් කළා. ඊට පස්සේ සද්‍රාන්වත් දුවද්දි දැවී ගියා. මේ වෙද්දි ලකුණු 79ට කඩුලු 6ක් ගිහින් තිබුණා.

    නායක රෂීඩ් ඛාන් වේගවත් පහරවල් ටිකක් ගහලා ඉනිමට පොඩි ශක්තියක් දුන්නා.

    අවසන් ඕවර: නබීගෙන් සුපිරි ඉනිමක්

    අවසාන අදියරේදී මොහම්මද් නබී පන්දු 22කින් ලකුණු 60ක් ගහලා මැරීගෙන සෙල්ලම් කළා. කලින් හොඳට උඩපන්දු අල්ලපු අපේ කොල්ලන්ට නබී දුන්න පහසු උඩපන්දුවක් වෙල්ලාලගේට අතින් ගිලිහුණා.

    තුෂාර රෂීඩ් ඛාන්ව අවුට් කළත්, නබීගේ පහරදීම නිසා අන්තිම ඕවර දෙකේදී ලොකු ලකුණු සංඛ්‍යාවක් ගියා. විශේෂයෙන්ම වෙල්ලාලගේගේ අන්තිම ඕවරයේදී හයේ පහර පහක් ගැහුවා.

    නබී අන්තිම පන්දුවේදී දුවද්දි දැවී යනකොට ඇෆ්ගනිස්තාන ලකුණු සංඛ්‍යාව 169ක් වෙලා තිබුණා.

    ශ්‍රී ලංකා ඉනිම

    PowerPlay: ස්ථාවර ආරම්භයක්

    ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්තානය වගේම මුලින් හොඳට ලකුණු ගැහුවා. හැබැයි තුන්වෙනි ඕවරයේදී පැතුම් නිස්සංක අවුට් වුණා. හයවෙනි ඕවරයේදී කමිල් මිෂාරත් දැවී ගියා.

    මැද ඕවර: කුසල් මෙන්ඩිස් තනියම ගහනවා

    PowerPlay එකේ කඩුලු දෙකක් ගියත්, ශ්‍රී ලංකාව ස්ථාවරව ලකුණු ගැහුවා. කුසල් මෙන්ඩිස් සහ පෙරේරා ලකුණු 45ක් එකතු කළා. පෙරේරා අවුට් වුණාට පස්සේත් කුසල් ඉනිම ස්ථාවරව ගෙනිච්චා.

    චරිත් අසලංක ගැහුව හතරේ පහරකින් ශ්‍රී ලංකාව 101 සීමාව පහුකරලා Super 4s වටයට සුදුසුකම් ලැබුවා.

    අවසන් ඕවර: කුසල් සහ කමිඳුගෙන් සුපිරි ෆිනිෂින් එකක්

    තරඟය ශ්‍රී ලංකාවට වාසිදායක වෙද්දි, රෂීඩ් ඕවරයක් හොඳට පන්දු යැව්වා. හැබැයි නූර් අහමඩ්ගේ 17 වෙනි ඕවරයෙන් ලකුණු 17ක් ගියා. කමිඳු මෙන්ඩිස් ලොකු හයේ පහරක් ගැහුවා.

    ඊළඟ ඕවරයෙන් තවත් ලකුණු 15ක් ආවා. අන්තිම ලකුණු 10 ගන්න කුසල් මෙන්ඩිස් අඛණ්ඩව හතරේ පහර දෙකක් ගහලා තරඟය ඉවර කළා. ඔහු නොදැවී ලකුණු 74ක් ගැහුවා.

    ලකුණු සටහන:

    • ඇෆ්ගනිස්තානය – ඕවර 20කදී 169/8 (මොහම්මද් නබී 60, රෂීඩ් ඛාන් 24; නුවන් තුෂාර 4-18).
    • ශ්‍රී ලංකාව – ඕවර 18.4කදී 171/4 (කුසල් මෙන්ඩිස් 74*, කුසල් පෙරේරා 28; අස්මතුල්ලා ඕමාර්සායි 1-20).

    ඊළඟට මොකද වෙන්නේ?

    ඇෆ්ගනිස්තානයට නම් ගෙදර යන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාව සැප්තැම්බර් 20 වෙනිදා ඩුබායි වලදී බංග්ලාදේශයත් එක්ක Super 4s එකේ පළමු තරඟයට සෙල්ලම් කරනවා.

    යාළුවො එක්ක share කරගන්න

    ශ්‍රී ලංකාවේ Asia Cup සිහිනය. දැවැන්තයන් පරාජය කිරීමේ අතීතය ඇති අපේ කණ්ඩායමට මේ වසරේ කුසලානය
    ශ්‍රී ලංකාවේ Asia Cup සිහිනය. දැවැන්තයන් පරාජය කිරීමේ අතීතය ඇති අපේ කණ්ඩායමට මේ වසරේ කුසලානය දිනාගන්න පුළුවන්ද? සියලුම විස්තර මෙතනින්.
    පේ කණ්ඩායමට මේ දවස්වල T20I තරඟවලදි එච්චර හොඳට සෙල්ලම් කරන්න බැරි වුණත්, ආසියානු කුසලානය වගේ ලොකු තරඟාවලිවලදි එයාලව කිසිම වෙලාවක ලේසියෙන් අයින් කරන්න බැරි බව නම් පැහැදිලියි.

    අපේ කොල්ලෝ යළිත් නැගිටීවිද? ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තු!

    Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
    Turns on site high speed to be attractive for people and search engines.